Beauty
මේකප් ගැන ඔයා නොහිතපු-නොදන්න දේවල්
අපි ගොඩක් දෙනා සමහර දේවල් ගැන හිතන් ඉන්නේ වැරදියට.ඒ නිසාම සමහර වෙලාවට අලුත් දෙයක් එකපාරටම අත්හදා බලන්නත් අපි බයයි.එහෙම නේද?කාලයක් තිස්සේ අපි හොයාගත්ත දේවල් හැමදාම ඇත්ත කියලා අපි හිතන එක මේකට එක හේතුවක්.
ඉස්සර කාලේ වගේ නෙවෙයි අද.දැන් අපේ සමාජය වෙනස්,මිනිස්සු වෙනස්,අපේ පිළිවෙල වෙනස්,හිතන-පතන විදිය වෙනස්.ඒ විතරක් නෙවෙයි අපි මුණ දෙන කාලගුණයත් වෙනස්.අන්න ඒ නිසාම කාලයක් අපි “හරි” කියලා හිතන දේවල් අද කාලෙට ගැළපෙන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා.
ප්ර ශ්නයක් නැහැ.අද කාලේට ගැළපෙන විදියට ඔයාගේ විදිය වෙනස් කරගෙන අලුත් දේවල් මොනාද කියලා හොයලා බලන්න මේක තමයි හොඳම කාලේ.එහෙනම් ඔයාගේ ගොළුබෙලි කටුවෙන් ඔළුව ටිකක් එළියට දාලා බලන්න ගෑණු ළමයිනේ!!මේකප් ගැන මෙන්න මේ දේවල් ඔයත් දැනගෙන හිටියද කියලා…
පරිස්සම වැදගත්.
ඔයාගේ ලස්සන ගැන ඔයා හිතද්දී අනිවාර්යෙන්ම ඔයාගේ සම,ඇස්,දෙතොල්,වගේ ගොඩක් දේවල් වලආරක්ෂි්ත බව ගැන හිතන එකත් හරිම වැදගත් දෙයක්.නමුත් සමහර අය එහෙම අවධානයක් යොමු කරන්නේ නැහැ.ඒ නිසාම ප්රහමිතියකින් තොර,බාල වර්ගයේ මේකප් නිෂ්පාදන වලට එයාලා යොමුවෙනවා.ඒවායින් ඔයාට වෙන හානිය හරිම ලොකුයි.ඒ නිසා ගුණාත්මක තත්වයේ නිෂ්පාදන නිතරම පාවිච්චි කරන්න පුරුදු වෙන්න.(මේ කියන්නේ මිල අධික දේවල් පාවිච්චි කරන්න ඕනි කියන එක නෙවෙයි,මිල අධික වෙච්ච පමණින් ඒවායින් හොඳ ප්රයතිපල ලැබෙයි කියලා 100%ක්ම විශ්වාස කරන්න බැහැ)
යාළුවටයි-ඔයාටයි එකම මේකප් සෙට් වෙන්නේ නැහැ.
ඔය දෙන්නා දෙන්නෙක්.සම එකිනෙකට වෙනස්.ඒ නිසා එයාට මේකප් වලින් ලැබෙන ලස්සන ඔයාටත් එහෙම්ම ලැබෙයි කියලා හිතාගෙන ඒවා පාවිච්චි කරන්න එපා.සමහර විට ඒකෙන් ඇතිවෙන ඇලජික් වලින් ඔයාට අමතර අවලස්සනක් ලැබෙන්නත් පුළුවන්.
අවුරුද්දටම එකම ෆවුන්ඩේෂන් එකද?
ඔයා තාමත් මුළු අවුරුද්ද පුරාම ඔයාගේ මුණට එකම ෆවුන්ඩේෂන් එක ආලේප කරන කෙනෙක්ද?උත්තරේ ඔව් නම් ඔයාට ගොළුබෙලි කටුවෙන් එළියට එන්නම වෙනවා.අපේ මුහුණ හැමදාම එකම විදියට තියෙන්නේ නැහැනේ.සමහර කාලවල් වලදී ටිකක් අවපැහැ වෙනවා,පැහැපත් වෙනවා,ලප හෝ කැළැල් ඇති වෙනවා.මේ වගේ වෙනස්කම් ඕනි තරම් අවුරුද්දක කාලයක් තුළදී වෙන්න පුළුවන්.ඉතින් ඒ හැම අවස්ථාවකටම එකම ෆවුන්ඩේෂන් එක ආලේපයෙන් හොඳ නිමාවක් ගන්න නම්බැහැ.(දැකලා ඇති සමහර අය මේකප් දාගෙන යනකොට මූණ එකපාටක්,බෙල්ල තවත් පාටක්)ඒ නිසා නිතරම ඔයාගේ සම ගැන අවධානයෙන් ඉන්න එක වැදගත්.
පාට කලාව.
ඔයාගේ සමට ගැළපෙන පැහැයන් තෝරාගැනීමත් වැදගත්.සමහර වෙලාවට අපි දකිනවා ෆවුන්ඩේෂන් එකක් හරි පවුඩර් ශේඩ් එකක් හරි තෝරා ගන්නකොට හුඟදෙනෙක් එයාලගේ මැණික්කටුවේ ආලේප කරලා තමයි හරිම පාට තෝරාගන්නේ.ඒක හරියන වැඩක් නෙවෙයි.නිකමට බලන්න.ඔයාගේ මූණේ පාටයි,මැණික් කටුවේ පාටයි ගොඩක් වෙනස් නේද?ඒ නිසා ඒ වෙනුවට ඔයාගේ බෙල්ලේ පාටත් එක්ක මැච් කරලා ඒ දේවල් තෝරාගන්න.
රතු ලිප්ස්ටික්.
ලිප්ස්ටික් කියපු ගමන් මතක් වෙන්නේ රතු පාටනේ.මුණේ පාටට මැච් කරනවා මිසක් හැමෝම ගාන රතු පාට නම් ගාන්න යන්න එපා.පාට ටිකක් බ්ලෙන්ඩ් කරලා ඔයාගේ හමට ගැළපෙන විදියට ලස්සන රතු පාටක් හදාගන්න එක ඒ හැටි අමාරු වැඩක් නෙවෙයි.
පරණ මේකප්?
මේකප් පරණ වෙන්නේ,සවුත්තු වෙන්නේ නැහැ කියලා ඔයා හිතනවානම්ඔයා වැරදියි.හරි විදියට මේකප් උපකරණ ටික අහුරලා තිබ්බේ නැතිනම්,කොටින්ම ඔයාගේ මේකප් බොක්ස් එක පොඩ්ඩක් ක්ලීන් එකට තියාගන්න ඔයාට අමතක වෙනවානම් ඉතින් ලෙඩ ගොඩක් තමයි.පවුඩර්,ලිප්ස්ටික්,මස්කාරා,ශේඩ්ස් වගේ දේවල් විතරක් නෙවෙයි ඔයා පාවිච්චි කරන මේකප් ස්පොන්ජ්,බුරුසු පවා පරණ වෙනවා,සවුත්තු වෙනවා.ඒ නිසා ඒ ගැනත් හිතන්න.
අලුත් දෙයක් කරන්න බයක් හිතෙන්නේඒ දෙයින් ඔයාට හානියක් වෙයි කියලා හිතෙන නිසා නම් දන්න කියන එක්ස්පර්ට් කෙනෙක්ගෙන් අහලාඔයාට පුළුවන් ඔයාගේ ප්ර්ශ්න ටික විසඳගන්න.ඒ නිසා මේකප් ගැන හරියට දැනුවත් වෙලා හරි දේ කරන්න,ලස්සනට ඉන්නඔයාගේ දැනුමත්, ආත්ම විශ්වාසයත් හරිම වැදගත්..
(under the courtesy of goodhousekeeping.lk web)